Email ගිණුමක් සාදා ගන්නා ආකාරය


Email ගිණුමක් අදකාලේ නැති කෙනෙක් ඉන්නවද ? ඉන්නවනම් මේ ලිපිය කියවලා Email ලිපිනයක් නොමිලේ සාදා ගන්න.

වර්තමානයේ Email භාවිතය ඉතා බහුලව සිදුකරනවා. මෙය ඉතාමත් ලෙහෙසි , පහසුම ක්‍රමයක් වෙලා තියෙනවා. පරිගණකය මෙන්ම දැන් ජංගම දුරකථනය මගින්ද Email පණිවිඩ යැවීමට හා බැලීමට හැකියාව තියෙනවා.

Email ලිපිනයක් අවශ්‍ය වන අවස්ථාවන්,
  •  Android Phone එකක් භාවිතා කිරීමේදී
  • Job එකකට apply කිරීම සදහා CV එකක් යැවීමට
  • facebook , skype ගිණුම් සාදා ගැනීමට
  • තවද Ebay , Paypal , Google+ , fiver . . . .  යනාදී වශයෙන් බොහෝ  ආයතන මගින් පවත්වනු ලබන වැඩසටහන් සමග register වීමට Email ලිපිනයක් අවශ්‍යවේ.
කොටින්ම කියනවනම් Android Phone එකේ App Store එකේ Softwares phone එකට install කරගන්න අනිවාර්යයෙන් Gmail Account එකක් අවශ්‍යම වෙනවා.


ඕනම කෙනෙකුට  Email Account ඕන තරම් හදාගන්න පුලුවන්. සමහරැ  Email ගිණුමක් හදාගන්නෙ මොකක් හරි වැඩකට අවශ්‍ය වුනාම පමණයි. ටික දවසකින් හදපු Email Account එක මතකවත් නෑ.
 ඉතින් ආයිත් ඕන වුනොත් තව එකක් හදන්න වෙනවා. එහෙම නෙමෙයි තමන්ගෙ නම දාලා Email එකක් හදලා තියා ගත්තම ඉවරයිනේ. ඒක ප්‍රධාන Email එක විධියට පවත්වගෙන යන්න. තව ඕනෙනම් ඉතින් 4,5ක් හදා ගත්තට අවුලක් නෑ.

Email එකක් හදන්න පරිගණකය භාවිතා කරනවනම් වඩා හොදයි mobile phone මගින් Internet යන අයට Email හදන්න ටිකක් අමාරැයි ,
ඒත් 3G phone එකක් වගේනම් Opera mini,Opera mobile භාවිතා කරලා Email account හදන්න පුලුවන්
නැත්තම් Android phone වලම Email creat කරන්න පුලුවන් හැබැයි Android
Google සමාගමට අයත්
mobile OS එකක් නිසා Gmail account පමණක් සාදා ගත හැකිය.

මෙහිදී පරිගණකය භාවිතයෙන් Email ගිණුමක් සාදා ගන්නා ආකාරය පියවරෙන් පියවර පහත දැක්වේ. 

පලමුව Email ලිපිනය සෑදීමට අවශ්‍ය සමාගම තෝරා ගත යුතුය. ඒවානම් Google,Yahoo,Hotmail...... ආදී වශයෙන්ය.

Google හා Yahoo email account සාදාගන්නා ආකාරය අප කියා දෙන්නෙමු.



ඔබගේ අදහස් පහනින් දාන්න.....(නම ලියලා දාන්න / register වෙන්න ඕනේ නෑ)