පරිගණක වයිරස් ! ! !



දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්‍රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්. 

බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් නොවෙයි. ඒකෙන් මේක විසදෙනවානම් මේ ලෝකේ වයිරස් වලින් තොර වෙන්න එපැයි ? දැන් අපේ අය එක Virus Guard එකක් නෙ‍ම‍ෙයි, දෙක තුනක් දාගෙනනේ ඉන්නේ.

මේ ඔක්කොටම වඩා හොදම වයිරස්ගාඩ් එක තමන්මයි කියන එක හොදට මතක තියාගන්න.

අපි ඉස්සෙල්ලාම බලමු මේ වයිරස් කියන්නේ මොනවද, ඒවාගෙන් මොකද්ද වෙන්නේ, ඇයි එහමෙ වෙන්නේ කියල. මුල් අවදියේ වයිරස් වලින් සිදූවුනේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයට බාදාකිරීම. නමුත් දැන් වයිර්ස් වලින් ඊට වඩා බොහෝ දේ සිදුවෙනවා. අපේ දත්ත සොරා ගන්නවා, අපේ පරිගනක අපි නොදැනුවත්ව ඔවුගේ ඔනෑ එපා කම් වලට බාවිතා කරනවා, පරිගනක වෙළද දැන්වීම් පෙන්වන්න යොදාගන්නවා.

දැන් වයිරස් සෑදීම හොද මුදල් උපයන මාර්ගයක් බවට පත්වෙලා. 
මේවා ගොඩක් හදන්නේ මුදල් සෙවීම හා විවිධ ජාල, වෙව් අඩවි අඩපණ කිරිම වැනි ක්‍රියාවලියන් සදහා.

වයිරස් එකක්යනු 100%පරිගනක වැඩසටහනකි(computer software). මේව බොහෝ විට අපිට නොතේරෙන, නොපෙනන විදියට පරිගනකයේ සැගවී සිටින්න සකසා ඇත. මේවට ඉතා දියුනු ක්‍රම යොදාගන්නවා පරිගනකයේ සැගවී සිටීමට. වයිරස් වැඩසටහන් සකසා ඇත්තේ පුලුවන් තරම් තවත් පරිගනක වලට පැතිරෙන්න හැකිවන ලෙසයි.  මේවා ඊම්ල් හරහා, පරිගනක ජාල හරහා, දැන් USB හරහා තව ව්විධ ක්‍රම හරහා පැතිරෙනවා.  ගොඩක් වයිරස් දැන් පරිගනකයේ ඇති system files ඇතුලටම කාවැදී සිටී. මෙම නිසා මේවා ඉවත් කිරීම ඉතා අපහසුයි. ඉවත් කරොත් පරිගනකය ක්‍රියාත්මක නොවීම හෝ විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවේ. එම නිසා වයිරස් ස්කෑනර් වලට පවා මේවා ඉවත්කිරීම ගැටලුවකි. ඒ වගේම ගොඩක් පරිගනක වයිරස් නිසා අපේ අන්තර්ජාල සම්බන්දතා පවා වේගය අඩුවීම, bandwidth බාවිතා වීම වගේ දේවල්ද සිදුවෙනවා.

අපි ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා download වගේ දේවල් කරනකොට, ගොඩක් අය කරන වැරදක් තමයි දෙයක් download කරනකොට අදාල වෙබ් අඩවියෙන් නොකර අහුවෙන ඕනෑම අඩවියකින් කරන එක. මේක drivers සිට software දක්වා අදාලයි. Windows 7 එක අපි download කරන්න ඕනේ Microsoft වෙබ් අඩවියෙන් මිස වෙන අඩවියෙන් නෙවෙයි. Avast download කරන්න ඕනේ avast අඩවියෙන් සිට මිස වෙන අඩවි වලින් නොවෙයි. device driver එකක් උවද එලෙසමයි, තමන්ගේ hardware එක සෑදූ නිෂ්පාදකයාගේ අඩවියෙන් එය download කිරීම තමයි නුවනට හුරු. ගොඩක් නොමිලේ දෙන software එක්ක adware එනවා. මේගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.

වයිරස් ඇති පරිගණකයක වයිරස් ඉවත් කරන්න පුලුවන්ද:-
සමහරක් වයිරස් පුලූවන්, නමුත් අලුත් වයිරස් ඉවත් කරීමට හෝ detect කිරීමට නොහැකිය. 
ගොඩක් අය කියන්න පුලුවන් මම අර tool එක දාල කරා, මට ඕනෑම වයිරස් එකක් අයින් කරන්න පුලුවන් කියලා. ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල. ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා. ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වලට ඒවා හොයාගන්න බෑ. ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ. 
ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා. යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව. කිසිම විදියකින් එය clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා. ඉතින් ඔය පොර වගේ කියන අය Windows OS එක හදන Microsoft එකට වඩා දන්නවා වෙන්න බෑනේ.
ගොඩක් වයිරස් දැන් හදන්නේ පරිගනකය බාවිතා කරන කෙනාට වයිරස් එකක් තියනවද නැද්ද කියාවත් නොතේරෙන විදියටයි.

වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:-
  • සියලුම වැඩසටහන් හා OS එක updated කිරීම.
  • Crack කරපු software බාවිතා නොකිරීම. 
  • Microsoft Security Essentialist ස්තාපනය.
  • Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
  • Internet Explore වෙනුවට Google Chrome හෝ Firefox බාවිතය.
  • Java ස්තාපනයෙන් වැලකී සිටීම.
  • Java Scrips Web Browser එකෙන් disable කිරීම හෝ noscripts Firefox හා Chrome සදහා බාවිතය.
  • USB Autorun disable කිරිම.
  • නොදන්නා link ක්ලික් නොකිරීම.
  • Software/Drivers ඒ අදාල නිල අඩවියෙන් download කිරීම.

================================================
ඔබගේ අදහස් පහනින් දාන්න.....(නම ලියලා දාන්න / register වෙන්න ඕනේ නෑ)